වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇති බවද ඔහු සඳහන් කළා.
මෙහිදී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ, පොලිසිය විසින් දැන්වීම් ගලවා ඉවත්කිරීමේදී එම දැන්වීම් තදින් අලවා තිබුණහොත් වාහනයට වුවද හානි සිදුවිය හැකි බවයි.
එනිසා පොලීසිය මැදිහත්ව එම කටයුත්ත සිදුකිරීමට පෙර වාහන හිමිකරුවන්ම ඒවා ඉවත්කරගන්නා ලෙසද ඔහු දන්වා සිටියා.
“අපි ප්‍රථමයෙන්ම කරන්නේ ගලවා ඉවත් කිරීම. සමහර වෙලාවට කියන්න පුළුවන් හදිසි ගමනක් යන්නේ, තම දරුවා පාසලට රැගෙන යන්නේ වගේ විවිධ දේවල්. නමුත් ඒ මොනවා කිව්වත් සමාවට කාරණයක් විදියට ගන්නේ නැහැ. මාර්ගයේදී නතර කළොත්, ඒ වාහනයේ යම්කිසි ආකාරයකට ස්ටිකර්ස් හරි පොස්ටර්ස් හරි තියෙනවානම් අපි අනිවාර්යයෙන් ගලවා ඉවත් කරනවා. ඒවා ගලවනකොට තදින් අලවලා තියෙනවානම් වාහනයට වුණත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වහාම ඔබ ඔබගේ වාහනවල මේවා අලවලා තිබෙනවා නම් පොලීසිය මැදිගත් වෙලා ඉවත්කරගන්න කලින් ඔබට පුළුවන් නිදහසේ ගලවා ඉවත් කරන්න”.