
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්හාරහාරරයට වසර හයක් ගත වුවද ඊට අදාළව යුක්තිය ඉෂ්ඨ කිරිම සඳහා තවදුරටත් විමර්ශණය කළ යුතු පැතිකඩ ගණනාවක් සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළා.
දැනට පවතින තත්වය හමුවේ අවම වශයෙන් ප්‍රධාන කරුණු පහක් පිළිබඳව විමර්ශනයක් කළයුතු බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වු මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා කියා සිටියා.
එහිදී ඔහු පවසා සිටියේ, දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේ දී බෝම්බය පිපිරි මියගිය අබ්දුල් ලතීෆ් මෙහොමඩ් ජමීල් පිළිබඳව අවධානය යොමු කළ යුතු වුවද ඔහු අමතක කරමින් මෙම පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදුකරන බවයි.
2019 වසරේ අප්‍රෙල් 20වන දින හෝටලයෙන් පිටවු ජමිල් පසුදා උදෑසන නැවත හෝටලයට පැමිණ වෙනත් යතුරක් ඉල්ලා සිටින බවත් ඉන්පෙර නිකුත් කළ යතුර කා සතුව තිබේද යන්න මේවන තෙක් සොයා ගෙන නැති බව පැවසු තරිඳු මහතා කියා සිටියේ උදෑසන 8.51හා 8.54 කාලය තුල ජමිල්ට පැමිණි දුරකතන ඇමතුම සම්බන්ධයෙන්ද මේ වන තෙක් නිසි විමර්ශනයක් සිදුවි නොමැති බවයි.
තවද ජමිල් විසින් සිය බිරිඳට යවන ලද වොයිස් මැසේජ් තුන පමණක් තිබුණද එහි දුරකථන අංකය මේවන තෙක් අනාවරණය කර ගැනිමට විමර්ශන අංශවලට නොහැකි වි තිබෙන බවත් තරිඳු මහතා අනාවරණය කළා.
එමෙන්ම ජමිල් සතුව තිබු ජංගම දුරකථනය මෙන්ම ජමිල් හා සහරාන් ඇතුලු පිරිස සතුව තිබු T 56 ගිනි අවිය සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවද ඔහු විසින් පවසා සිටියා.
මාධ්‍යවේදි තරිදු මහතා මෙහිදී සඳහන් කළේ සහරාන් සමඟ ගණුදෙනු කළ අබුහිද් මේවන තෙක් කවුද යන්න අනාවරණය කරගෙන නොමැති බැවින් මේ සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු බවයි.
එමෙන්ම පසුගිය පාලන සමයේ මිය ගිය බව පැවසු සහරා ජස්මින් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවි නොමැති බව පැවසු ඔහු මෙම විමර්ශන වලදී ලබාදුන් සාක්ෂි එකිනෙකට පරස්පර බව පැවසුවා.
තවද කල්මුණේ, සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ නිවසක 2019 අප්‍රේල් 26 වැනිදා සිදුවු පිපිරීම සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය ඉතා සැකසහිත , විමර්ශනය නොවූ කරුණු රැසකින් සමන්විත බව පැවසු තරිඳු මහතා විදේශගතව සිටිමින් චැනල් ෆෝ නාලිකාව ඔස්සේ අනාවරණයක් කළ හන්සීර් අසාත් මවුලානාගේ ප්‍රකාශවලට අදාළ කරුණු මෙන්ම එම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනය කල යුතු බව පවසා සිටියා.
එමෙන්ම අප්‍රේල් 21 වැනිදා ලැබුණු බුද්ධි තොරතුර අනුව කටයුතු නොකිරීම ගැන ද විමර්ශනයක් කළ යුතු බවත් අදාල කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා ඇතුලු විමර්ශන අංශ ලිඛිතව දැනුවත් කර තිබෙන බව මෙහිදී ප්‍රකාශ කර සිටියා.