ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේ ව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රෝකර් සමාගමක සිදුකර තිබූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන්.
73 හැවිරිදි සලාමේ එරට මහ බැංකු අධිපති ලෙස වසර 30ක් පමණ සේවය කර ඇති අතර නමුත් ඔහුගේ අවසාන වසර කිහිපයේදී මූල්‍ය අපරාධ චෝදනා එල්ල වුණා.
එසේම මහජන අරමුදල් වංචනික ලෙස භාවිත කළ බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වනවා.