බංග්ලාදේශයේ ආණ්ඩු පෙරළියෙන් පසුව පවතින නොසන්සුන් වාතාවරණය හේතුවෙන් එරට ඇඟලුම් කර්මාන්තය කඩාවැටීමේ දැවැන්ත අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.
නවතම පුරෝකථනවලට අනුව මෙම වසර තුළ එරට ඇඟලුම් අපනයනය සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් පහත වැටෙනු ඇත.
බංග්ලාදේශයේ දියත් වූ ශිෂ්‍ය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස එරට අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉවත් වූ අතර, භාරකාර රජයක් යටතේ වුවත් තවමත් එරට පවතින්නේ අස්ථාවර තත්ත්වයකයි.
මේ වන විටත් එරට හසීනා ආධාරකරුවන්, ඔවුන්ට අයත් ව්‍යාපාර ස්ථාන සහ කම්හල් ඉලක්ක කර විවිධ ප්රචණ්ඩ ක්‍රියා දියත් වෙමින් පවතන බවට වාර්තා වනවා.
විරෝධතා සමනය වීමෙන් පසුවත් විවිධ කණ්ඩායම් මේ වනවිට කම්හල 4ක් ගිනි තබා තිබෙනවා.
වැඩි වැටුප් ඉල්ලා පවත්වන සේවක වැඩවර්ජන හේතුවෙන් අද (5) සිට තවත් කම්හල් 60ක් පමණ වසා දැමීමට නියමිත බව ද සඳහන්.
බංග්ලාදේශයේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 80ක් උපයාගන්නේ ඇඟලුම් අපනයනයෙන් වන අතර, මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස එරට ඇඟලුම් අපනයන සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් පහත වැටෙනු ඇති බවට වාර්තා පළ වනවා.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ශිෂ්‍ය අරගලයෙන් පත්වූ නව රජයට, රට ගොඩනැගීම මහත් අභියෝගයක් වනු ඇති බවයි.