ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ස්ටිකර් අලවා ඇති ත්‍රී රෝද රථවල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරන මධ්‍යස්ථානය දන්වා තිබෙනවා.
ඒ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ප්රචාරක වැඩසටහන් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුවයි.
මැතිවරණ නීති රෙගුලාසි අනුව ඡන්ද විමසීමට අදාළ කොඩි හෝ ස්ටිකර් වැනි ප්රචාරක දැන්වීම් ඇලවිය හැක්කේ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණයි.
ඒ හැර වෙනත් කිසිදු වාහනයක මෙම ප්රචාරක දැන්වීම් ඇලවීමේ හැකියාවක් නැහැ.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වී කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්රවර්ධක වැඩසටහනක් සඳහා ස්ටිකර් ඇලවීමේ කටයුත්තක් ඊයේ දින පවත්වා තිබෙනවා.