නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් අළෙවි කළ රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.
එමෙන්ම ඇය විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන, ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සහ ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද සොයාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මෙම ව්‍යාපාරය සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.