කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා.
මෙය සිය දිවි නසා ගැනීමක්ද නැතහොත් අනතුරක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
මොවුන් දෙදෙනා කොළඹ 7 ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඊයේ පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබුණා.
ඔවුන් එහිදී ඇඳුම් මාරුකර, පාවහන් ගලවා, ඔවුන්ගේ පාසල් බෑග්ද එම මධ්‍යස්ථානය තුළ තබා නිවාස සංකීර්ණයේ 67 වැනි මහලට ගොස් ඇත්තේ පිටතින් ඇති තරප්පු පෙළ භාවිත කරමින්.
කෙසේවෙතත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක්ද පැවති බවයි.
පසුව ඔවුන්ගේ සිරුරු හමුවුණේ මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදීයි.
එම යන්ත්‍රවල ගැටීමෙන් ඔවුන්ගේ සිරුරුවලට බරපතළ තුවාල සිදුවී ඇති බවයි වාර්තා වුණේ.
මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වනවා.
ජීවිතක්ෂයට පත් සිසුන්ගේ මව්පියන්ගෙන් අද කොම්පඤ්ඤවීදීය පොලීසියට ගෙන්වාගෙන ප්‍රකාශ සටහන් කර ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.