මොංගෝලියානු කණ්ඩායම ලකුණු 10කට දවාගනිමින් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව සම කිරීමට සිංගප්පූරුව අද (05) සමත් වුණා.
එළබෙන විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය ‘ඒ’ කොටසේ තරගාවලියේදී සිංගප්පූරුව මෙම දක්ෂතාව දැක්වූවා.
මැලේසියාවේ බංගිහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මොංගෝලියානු ඉනිම ලකුණු 10කට සීමා වූ අතර, ඉන් ලකුණු 02ක් අතිරේක ලකුණු වීමද විශේෂත්වයක්.
මොංගෝලියානු ඉනිමේ පිතිකරුවෝ පස් දෙනෙකුම එකඳු ලකුණක් හෝ රැස්නොකරම දැවීගිය අතර, ඉහළම ඉනිමද ලකුණු 02කට සීමා වුණා.
කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ සම අයිතිය හිමි අනෙක් රට ස්පාඤ්ඤය වන අතර, ඔවුන් ඉකුත් වසරේ පැවති තරගයකදී යුරෝපියානු දිවයිනක් වන Isle of Man කණ්ඩායම ලකුණු 10කට දවාගෙන තිබෙනවා.