උගන්ඩා කාන්තා මැරතන් ශූරියක් වන රෙබේකා චෙප්ටිගෙයි ව ඇයගේ පෙම්වතා විසින් ඇඟට පෙට්‍රල් දමා ගිනිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඇය පසුගියදා නිමාවූ පැරිස් ඔලිම්පික් තරගාවලියේ මැරතන් තරගයට ද එක්වුණා.
චෙප්ටිගෙයි එම ප්‍රහාරය එල්ලකර තිබුණේ පසුගිය ඉරිදායි.
සිය දියණියන් දෙදෙනා සමග පල්ලියට ගොස් නැවත පැමිණි අවස්ථාවේදී ඇය ඊට ලක්වී තිබූ බව සඳහන්.
ඇය ජීවත්ව සිටියේ වයඹදිග කෙන්යාවේ මලල ක්‍රීඩා ගම්මානයක් ආසන්නයේයි. ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඇයයේ පෙම්වතා විසින් ඇයට එම ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.
චෙප්ටිගෙයි ඝාතනයට ලක්වන විට ඇය කෙන්යාවේ මලල ක්‍රීඩා ගම්මානයේ සිය පුහුණුවීම්හි නිරතව සිට තිබෙනවා.