
ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ ඔහු හින්දි භාෂාවෙන් දිවුරුම් දුන් බවයි.
එමෙන්ම ඔහු ඉන්දියාවේ අගවිනිසුරු ධුරයට පත් වූ පළමු බෞද්ධයා වනවා.
ඉන්දියාවේ නව අගවිනිසුරු බී.ආර්. ගවායිගේ දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා ඇතුළු රජයේ නියෝජිතයෝ රැසක් ද සහභාගී වී තිබෙනවා.
2019 මැයි 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස උසස් කරන ලද අගවිනිසුරු ගවායිගේ ධුර කාලය මාස හයකට වඩා වැඩි වන අතර නොවැම්බර් 23 වන දින ධූරයෙන් ඉවත් වනවා.
“අපේ ජාතියට සහ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මඟපෙන්වන මහත්මා ගාන්ධි සහ බී.ආර්. අම්බෙඩ්කාර්ට මම මගේ ගෞරවය පුදකරනවා,” යනුවෙන් විනිසුරු ගවායි සිය දිවුරුම් දීමෙන් පසුව කියා සිටියා.