කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 02කට අධික විස්කි බෝතල් තොගයක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ගබඩා භාරකරු ලබන 16 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා මහතා නියම කර තිබෙනවා.
මෙම මත්පැන් බෝතල් ගෙන සාද පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්රාත්වරයා සාද පැවැත්වීමෙන් පසු ඉතිරිවූ මත්පැන් බෝතල් වලට කුමක් කලේද සහ මීට සම්බන්ධ වූ පුද්ගලයින් කවුද යන්න විමර්ශනය කර වහාම අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කර තිබෙනවා.