විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සඳහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.
ඊශ්‍රායල් සහ කොරියානු රැකියා ලබාදීම සඳහා අත්සන් යෙදීම සඳහා මුදල් ලබාගන්නා බවට වසන්ත සමරසිංහ කර තිබෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බවද එන්තරවාසියේ සඳහන් වනවා.
මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේදී විශාල පිරිසක් විදේශ රැකියා සඳහා පිටත් කර යවා තිබෙන බවද එසේ විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යොමු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර වෛරය ඇති කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන බවද එන්තරවාසියේ දැක්වෙනවා.
අසත්‍ය ප්‍රකාශ කරමින් අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එම වන්දි මුදල දින 14ක් ඇතුලත ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා වන්දි මුදල සහ නඩු ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බවද වසන්ත සමරසිංහ වෙත යොමු කළ එන්තරවාසියේ දැක්වෙනවා.