තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා විවිධ අපේක්ෂකයන් ජනාධිපති වන බවට ඉලක්ක කරගෙන මුදල් සහ දේපල ඔට්ටු ඇල්ලීමේ ප්රවණතාවයක් හටගෙන තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන්ද මෙම මාසයට ලැබෙන සිය ගමන් වියදම් දීමනාවද විවිධ අපේක්ෂකයන් ජනාධිපති වන බවට පවසා ඔට්ටු ඇල්ලීමේ උනන්දුවක් ඇති වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
කළුතර දිස්ත්රික්කයේ බේරුවල, පානදුර බණ්ඩාරගම හා අටලුගම හා කොළඹ දිස්ත්රික්කයේ කහතුඩුව, කැස්බෑව සහ පිළියන්දල ආදී ප්රදේශවලින් මෙම මුදල් ඔට්ටු මෙන්ම ත්රීරෝද රථ හා මෝටර් රථ ඔට්ටු ඇල්ලීමේ ප්රවණතාවය හටගෙන ඇතැයි දැනගන්නට ලැබී තිබෙනවා.