ඇමෙරිකානු වෛද්‍යවරයෙකු වැරදීමකින් ප්ලීභාව ඉවත් කිරීමට තිබූ රෝගියෙකුගේ අක්මාව ඉවත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්ලීභාව ඉවත් කිරීමේ සැත්කමට ලක් කෙරුණේ 78 හැවිරිදි බ්‍රයන් නැමැති රෝගියාය. සැත්කමින් පසු අධික රුධිර වහනයකින් රෝගියා මිය ගොස් තිබෙනවා. ඉන් අනතුරුව මරණ පරීක්ෂණයක් සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ සැත්කමින් ඉවත් කර ඇත්තේ ප්ලීභාව නොව අක්මාව බවටයි.
සැත්කම සිදු කර ඇත්තේ ප්ලීභාව සම්බන්ධයෙන් වසර 18ක පලපුරුද්දක් ඇති විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය තෝමස් ෂැකෝනොව්ස්කි නැමැත්තායි.
ප්ලීභාව සම්බන්ධ විශේෂඥ වෛදවරයෙකුට ප්ලීභාව හඳුනා ගැනීමට නොහැකි වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන බ්‍රයන්ගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නීතිමගින් කටයුතු කිරීමට සූදානම් බවයි.