පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ ජන රැලියට එක් වී ඇති බව වාර්තා වනවා.