මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළා.
එමෙන්ම අද පස්වරුවේ මැතිවරණ නිරික්ෂකයින් සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඔහු ප්රකාශ කළා.