ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මේ වන විනට 51%ක් අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලුම ඡන්ද දායකයින් සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බවයි.
ඊයේ මෙන්ම ලබන 14 වන සෙනසුරාදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.