ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජන හමුවකට ගල් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
හම්බන්තොට සිරිබෝපුර ප්රදේශයේ ජන හමුවකට ඉල්ලවූ මෙම ගල් ප්රහාරයෙන් තුවාල ලැබූ දරුවකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ජන හමුව සඳහා නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වීමට නියමිතව තිබුනද සිදුවීම සැලවීමෙන් පසු ඔවුන් ඊට පැමිණ නැහැ.
තුවාල ලැබූ දරුවාගේ සුවදුක් බැලීමට ශිරන්ත රාජපක්ෂ මහත්මිය රෝහලට ගොස් තිබෙනවා.