ජාතික ජන බලවේගයට හාස්කම් පෑමට, මැජික් පෙන්වීමට හෝ ඉන්ද්‍රජාලික වැඩ කිරීමට නොහැකි බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරනවා.
නමුත් මේ රට මීට වඩා පොහොසත් රටක් බවට පත් කිරීමට, ජනතාවට උසස් ජීවිතයක් ලබා දීමේ අරමුණක් වුවමනාවක් තමන්ට ඇති බවද ඔහු සඳහන් කළා.
ඒ සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙල සකස් කර අවසන් බවත් ඊට අවශ්‍ය ශක්තිමත් මිනිසුන්ද පක්ෂය සතුව සිටින බවත් ඔවුන් සමඟ ඒ සඳහා පොර බැදීමට සූදානම් බවත් ඔහු කියා සිටියා.
ආණ්ඩුවක් ලෙස රට හැදීම සඳහා තම පාර්ශවයෙන් අවශ්‍ය වැඩ කොටස කිරීමට සූදානම් බවත් ජනතාවද ඊට උදව් කළ යුතු බවත් ඔහු කියා සිටියා.
ජාතික ජන බලවේගය විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මොණරාගලදී පවත්වන ලද ජන රැළියක් අමතමින් ඔහු මේ අදහස් පළ කළා.