
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේ “පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද විපක්ෂය. ඔවුන්ට ආතල් ගන්න ඉඩදී අපි බලාගෙන ඉන්නවා” යනුවෙන්.