සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පුහුණුකාරීත්වයද හිටපු නායක සනත් ජයසූරිය වෙත ලබා දීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරයට හා ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය වෙනුවෙන් අතුරු පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීමට ක්රිකට් ආයතනය කටයුතු කළා.
එම තරගාවලි දෙකේදීම සුවිශේෂී ජයග්රහණයන් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා.ඒ් සඳහා සනත් ජයසූරියගේ මග පෙන්වීම ප්රභල කරුණක් වුණා.