ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පහරදීමටයි.
මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇති අතර ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21වැනිදා තරගයේ විවේක දිනයක් ලෙස නම්කර තිබෙනවා.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන, තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම ඊයේ ගාල්ලේදී පුහුණුවීම් ආරම්භ කළ අතර ඔවුන්ගේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන රංගන හේරත්ද ඊට එක්ව සිටියා.
නවසීලන්ත කණ්ඩායම මෙලෙස ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එක්වන්නේ වසර 5කට පසුවයි.
දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර ඉන් තරග 18ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 9ක් පමණයි.
ඒ අතරින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති තරග 4ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
මේ අතර අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම,
නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු