
ඉන්දියාවේ සිට මෙරට මන්නාරම දක්වා යෝජනා කෙරුණු පාලම ඉදිකිරීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
එසේම එකී ව්‍යාපෘතිය යටතේ යෝජනා වූ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා වන අධිවේගී මාර්ගය ඉදිකිරීමට ද තම රජය විරුද්ධ බැවින් එය ද ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළේ විද්‍යුත් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින්.
පෙර රජයන් මේ සඳහා එකඟතාව පළකර තිබූ නමුත් දෙරට අතර පාලමක් ඉදිකිරීම සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම රට වෙන්වීමේ තත්ත්වයක් ඇති වීමේ අවදානමක් මතුවෙතැයි ද අමාත්‍යවරයා සැකසංකා පළකරනවා.
කෙසේ වෙතත් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයට රජය එකඟ බැවින් ඊට එඟතාව පළකල බවද ඔහු සඳහන් කරනවා.
එසේම දෙරට අතර ආර්ථික දේශපාලන තත්ත්වයන් සමාන වූවා නම් ගැටළුවක් නොමැති බවත් මැලේසියාව සහ සිංගප්පූරුව අතර පාලමක් ඉදිකරන විට දෙරට අතර ආර්ථික තත්ත්වය සමාන බව ද ඇමති විජිත හේරත් එහිදී වැඩිදුරටත් කියා සිටියා.