ශ්රී ලංකා ජාතික කාන්තා ක්රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න ජූනි මාසය සඳහා වන ICC කාන්තා ක්රීඩිකාව වෙනුවෙන් වන නිර්දේශ අතරට තේරී පත්වී තිබෙනවා.
18 හැවිරිදි විශ්මි සමග නිර්දේශ වී සිටින අනෙක් ක්රීඩිකාවන් දෙදෙනා වන්නේ එංගලන්තයේ Maia Bouchier සහ ඉන්දියාවේ ස්ම්රීති මන්දනායි.
2023 ICC වයස අවුරුදු 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ ශ්රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළේ ද විශ්මි ගුණරත්නයි.
විශ්මි ගුණරත්න පසුගියදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේ දී දස්කම් ප්රදර්ශනය කළා.
ඇය එම තරගාවලියේදී ලබාගත් ලකුණු 134 සඳහා 44.66ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහ 83.22ක පහර දීමේ වේගයක් වාර්තා කිරීම හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙස ද නම් කෙරිණි.