ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටවූ ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් පමණක් ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් ජපානය සළකා බලන බවට වාර්තා වනවා.
මේවන විට නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, අත්හිටුවා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීමත් සමඟ ජපානය විසින් මෙම සළකා බැලීම සිදුකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා.
ඒ අනුව ලිපි ලේඛන කටයුතු සහ අනෙකුත් විධිවිධාන අවසන් වූ පසු මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය උනන්දු වන බවට වාර්තා වනවා.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පුළුල් කිරීම ඇතුළු ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 12ක් මෙරට ආර්ථික අර්බුද හේතුවෙන් ජපානය නවතා දමා තිබුණා.
එමෙනම් පසුගිය රජය විසින් අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නව ව්‍යාපෘතියක් ලෙස සළකා බැලීමට ජපානයේ අවධානය යොමුව ඇති බව ද ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙනවා.
කෙසේවෙතත් ජපාන ආධාර ඇතිව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දියත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.