ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය සිය රාජකාරී ස්ථානයන් වෙත ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග අද (20) පෙරවරුවේ පිටත්වී ගොස් තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට ආරම්භ කළ බවයි.
ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබාදී තිබෙනවා.
අද දහවල් 12 පමණ වනවිට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත අදාළ නිලධාරීන් ළඟාවෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
ඉන් අනතුරුව අද දිනයේදී පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.
හෙට (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙනවා.
ඡන්දදායකයින් 17,140,354 ක් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.