ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ සිදුවූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 337ක් ලෙස වාර්තා වී තිබෙනවා.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 336ක්.
ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 4929ක් මේ වන විට විසඳා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා.