පුලස්තිපුර, විජිත ප්‍රාථමික විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙක් හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් තිබෙනවා.
අද දහවල් හදිස්සියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව පුලස්තිපුර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුලස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ (49) හැවිරිදි විවාහක පොලිස් සැරයන්වරයෙක්.
මෙම නිලධාරියා ඊයේ සවස සිට මැතිවරණ රාජකාරි වල නිරතවී තිබෙනවා.
මේ වන විට ඔහුගේ සිරුර පොලොන්නරුව මහ රෝහලේ තැන්පත් කර තිබෙන අතර මරණයට හේතුව හෘද රෝගී තත්ත්වයක් බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරනවා.