තායිලන්තයේ රජු විවාහ සමානාත්මතා පනත් කෙටුම්පතකට අත්සන් කර ඇති අතර ඒ අනුව සමලිංගික සංගම් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත්වුණා.
පනත ජුනි මාසයේදී සෙනෙට් සභාව අනුමත කළ නමුත් නීතියක් බවට පත්වීමට රාජකීය අනුමැතිය අවශ්‍ය වුණා.
එය අඟහරුවාදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය ලබන වසරේ ජනවාරි 22 සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
එරට සමරිසි ප්‍රජාව දැනුම් දෙන්නේ, “අද අපි විවාහ සහතිකවල අපේ නම් ලිවීමට පමණක් නොව අපි ඉතිහාසයේ පිටුවක් ද ලියමින් සිටිමු. එය අපට පවසන්නේ ආදරය කිසිවිටෙකත් අප ඉපදුනේ කවුරුන්ද යන්න පිළිබඳ කොන්දේසියක් නොතබන බවයි”.
එය සමානාත්මතාවයේ සහ මානව ගරුත්වයේ ජයග්‍රහණයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.