කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා.
මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයක්.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙන්.