09 පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීම නිසා නවක මන්ත්රීවරුන් සහ මන්ත්රීවරියන් 85 දෙනෙකුට පමණ විශ්රාම වැටුප අහිමි වී තිබෙනවා.
මන්ත්රීවරයෙකුට විශ්රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුවේ වසර 05ක කාලය සම්පූර්ණ විය යුතුයි.
09 වන පාර්ලිමේන්තුවේ නිළ කාලය ලබන වසරේ අගෝස්තු 08 වනදා අවසන් වීමට නියමිතව තිබුණා.
මෙසේ විශ්රාම වැටුප අහිමි වූ මන්ත්රීවරු 85 දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ද ඇතුලත්.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විශ්රාම වැටුප් හිමිවන්නේ 1977 අංක 01 දරණ මන්ත්රී විශ්රාම වැටුප් පනතේ විධි විධානවලට අනුවයි.
වසර 05 සම්පූර්ණ කරන ලද මන්ත්රීවරයෙකුට මන්ත්රී වැටුපෙන් තුනෙන් එකක මුදලක් එනම් රුපියල් 21,000කට ආසන්න මුදලක් විශ්රාම වැටුප ලෙස හිමිවනවා.
වසර 10ක් සම්පූර්ණ වන මන්ත්රීවරයෙකුට හිමිවන්නේ මන්ත්රී වැටුපෙන් තුනෙන් දෙකක මුදලක්.