වැඩබලන පොලිස්පතිවරයාව අද (27) පත්කරන බවට වාර්තා වෙන බව ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.
ඒ අනුව උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම ධුරයට පත් කෙරෙන බව වාර්තා වනවා.
ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙක්.
ඒ අනුව ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර ඇති බවටද වාර්තා වනවා.