හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මින්පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ හිටපු විපක්ෂනායක ට ලබාදී ඇති ආරක්ෂාව නොවෙනස්ව ලබාදී තිබෙනවා.
එසේම වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව සහ අධිකරණ නියෝග මත ආරක්ෂාව ලබාදී ඇති හිටපු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාව නොවෙනස්ව පවතින බවද අදාළ නිවේදනයෙහි දැක්වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.
ඒ අනුව 2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වෙනු ඇති.