
සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ රාජ්‍ය ආයතන සතුව ඇති වාහන පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහායි.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථ ගාල ඇතුළු ස්ථාන කිහිපයක ගාල් කර ඇති රථ වාහන පිළිබඳව ද තවදුරටත් විගණන කටයුතු සිදු වෙමින් පවතිනවා.
රජයේ මැති ඇමතිවරුන් ඇතුළු විවිධ පුද්ගලයින් භාවිත කළ වාහන 107ක් එම ස්ථානවල එලෙස ගාල්කර තිබූ අතර වී එයිට් වර්ගයේ සුපිරි ජීප් රථ, රේන්ජ් රෝවර්, මොන්ටේරෝ ඇතුළු සුඛෝපභෝගි වාහන ද ඒ අතර වුණා.
ඉකුත් බ්‍රහස්පතින්දා සිට විශේෂ විගණන කණ්ඩායමක් අදාළ වාහන සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කළ අතර තවදුරටත් එම විගණන කටයුතු සිදු වෙමින් පවතිනවා.
විගණකාධිපති ඩබ්ලිව්. පී.සී. වික්රමරත්නගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඊට සමගාමීව සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක වාහන රැසක්ම අස්ථානගතවී ඇති බවට පසුගිය කාලය තුළ තොරතුරු අනාවරණ වූ අතර ඒ පිළිබඳවත් තොරතුරු සොයා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.