2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු දසදෙනා අතර සිටින්ගේ එක් සිසුවෙකු පමණයි.
අනෙක් නවදෙනාම සිසුවියන් වීම විශේෂත්වයක්..
මෙලෙස 10 දෙනා අතර සිටින එකම සිසුවා වන්නට වරම් ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සකුණ සදීශාන් සමරවික්‍රම සිසුවායි.
සකුණ පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසත්, කැඩෙට් කණ්ඩායමේ හා බාලදක්ෂ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන අතර විද්‍යාලයේ වෙස් නැටුම් කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙකුව සිටිනවා.
මෙතරම් ක්‍රියාශීලි ශිෂ්‍යෙයකු වුවත් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී සකුණ මුහුණ දුන් විශාලම අභියෝගය වූයේ ඩෙංගු රෝගය වැලඳී මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවීමයි.
කෙසේ වෙතත් අධිෂ්ඨානශීලීව කටයුතු කළ සකුණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත විභාගයට පෙර දිනයේ නිවසට පැමිණ විභාගයට මුහුණදීමට කටයුතු කර තිබුණා.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරුණු අතර දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකරගනු ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවියයි.
දෙවන ස්ථානය සිසුවියන් දෙදෙනකු හිමිකරගෙන තිබුණා.
ඉන් එක් සිසුවියක් වන්නේ කොළඹ 7 මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබන කුලුනි මෙත්සලායි.
අනෙක් සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමන්සා ජයනදී රත්නවීර සිසුවියයි.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුසිසුවියන් 13,309 දෙනකු A සාමාර්ථ්‍ය 9 ම ලබාගෙන ඇති බවයි.
මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි ඇති අතර ඉන් 387, 648 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා.
65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට තිබුණා.