හිටපු ප්රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්රිවිධ හමුදා සාමාජිකයන්ට පෙළබවීමේ දීමනාව පසුගිය 22 දක්වා හිමි වන බව ආරක්ෂක අමාත්යංශය පවසනවා.
හිටපු ප්රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්රිවිධ හමුදා සාමාජිකයන් පසුගිය 22 පසුව ප්රභූ ආරක්ෂක රාජකාරිවල නොයෙදෙන බැවින් ඔවුන් හට ගෙවනු ලබන පෙලඹවීමේ දීමනාව පසුගිය 22 දින දක්වා පමණක් හිමි ගන්වන ලෙස ත්රිවිධ හමුදාපතිවරුන් ලෙස ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
ආරක්ෂක මාණ්ඩලික ප්රධානි,ත්රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මෙම දීමනාව ගෙවීම නතර කර නොමැති බව ආරක්ෂක අමාත්යංශය වැඩිදුරටත් පවසනවා.