හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වී තිබෙනවා.
ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියව මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණා.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර තිබෙනවා.
මේ අතර චමිඳු කුමාරසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක ලෙසත්, තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර තිබෙනවා.
සංජීව සුරවීර මහතා මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.