හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඔහු දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.
අද වන විට දේශපාලනය තුළ ඇති වී තිබෙන අවාසිදායක තත්ත්වයත් සෞඛ්‍ය තත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සාම්ප්‍රදායික දේශපාලනයට එල්ල වී ඇති විවේචනයන් ද මේ සඳහා බලපා ඇති බව ද දැනගන්නට තිබෙනවා.