ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට ප්රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවා ඇතත් මේ දක්වා ඒවා භාර දී ඇත්තේ හතර දෙනෙකු පමණක් යැයි මැතිවරණ කොමිසම් සභාව පවසනවා.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිස් අට දෙනෙක් ඉදිරිපත් වී තිබුණා.
වියදම් වාර්තා ලබා දී තිබූ අපේක්ෂකයින් සිව්දෙනා අතර ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්රී ලංකා සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්රේමසිරිමානගේ සහ කේ ආනන්ද කුලරත්න යන අය වනවා.
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වනදා ඒවා භාර දීමේ අවසන් දිනය වන අතර ඉන්පසු භාර දෙන වාර්තා සම්බන්ධයෙන් නීතිවිරෝධී ක්රියා යටතේ දඩුවම් ලබා දිය හැකි බව පැවසෙනවා.