බ්‍රහස්පතිගේ සිට කිලෝමීටර් 671,000ක දුරකින් කක්ෂගතව ඇති යුරෝපා චන්ද්‍රයාගේ ජීවය සොයා යුරෝපා ක්ලිපර් අභ්‍යාවකාශ යානය හෙට දිනයේ අමෙරිකාවේ කෙනඩි තුඩුවෙන් අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතයි.
යුරෝපා චන්ද්‍රයා අධ්‍යානය කිරීමට නාසා ආයතනය නිපදවූ විශාලතම අභ්‍යවකාශ යානය යුරෝපා ක්ලිපර් වනවා.
යුරෝපා ක්ලිපර් සිය ගමනාන්තය වෙත ළඟා වනුයේ 2030 වසරේදීයි.
පෘථිවියේ ඇති සම්පූර්ණ ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් යුරෝපා චන්ද්‍රයා සතුව ඇති බවයි සැලකෙන්නේ.
එබැවින් ජීවයට සුදුසු පරිසරයක් එහි පවතීද යන්න සොයා බැලීම නාසා ආයතනයේ මීළඟ අභියෝගයයි.
නමුත් යුරෝපා වෙත ළඟාවීම ඉතා අසීරු වන්නේ බ්‍රහස්පතිගේ විකිරණශීලිත්වය මගින් ඊට බාධා එල්ලවන බැවින්.
යුරෝපා යනු බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක්. එහි විශාලත්වය අපගේ චන්ද්‍රයාට සමාන බවත් එහි පෘෂ්ඨය අයිස්වලින් වැසී පවතිනවා වගේම එහි අභ්‍යන්තරයේ සාගරයක් ඇති බවයි විද්‍යාඥයින් අර්ථ දක්වන්නේ.
විද්‍යාඥයින් සිතන්නේ ජීවයේ මූලික පැවැත්මට අවශ්‍ය මූලද්‍රව්‍යයන් එහි ඇති බවයි.
පළමුව ජලය, දෙවනුව ශක්තිය සහ ජීවයක් ඇතිවීමට අවශ්‍ය මූලික රසායනික පදාර්ථයන්.
පළමුවරට මේ සියලු දේ අධ්‍යයනය සඳහා නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ යානයක් යුරෝපා වෙත යවනු ලබනවා.
යුරෝපා හි අප අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන මූලිකාංග ත්‍රිත්වය වන්නේ අයිස් සහ අභ්‍යන්තර සාගරය, එහි අභ්‍යන්තර ක්‍රියාවලිය සහ එහි සජීවී භූ විද්‍යාත්මක ලක්ෂණයි.
යුරෝපා චන්ද්‍රයා අධ්‍යයනය සඳහා දියත් කරන ක්ලිපර් අභ්‍යාවකාශ යානයේ ඇති කැමරා උපාංග මගින් යුරෝපා මතුපිට ආවේක්ෂණ කටයුතු සිදුකරන අතර එහි ඇති විවිධ වායු සහ දූවිලි අධ්‍යනයට තවත් උපාංග කිහිපයක් පවතිනවා.
ග්‍රහලෝක අධ්‍යයනය සඳහා නාසා ආයතනය මේ දක්වා නිපදවූ විශාලතම අභ්‍යවකාශ යානය මෙයයි.
බරින් රාත්තල් 13,000ක් වන මෙය ආසන්න වශයෙන් හොඳින් වැඩුණු අප්‍රිකානු අලියෙකුගේ බරට සමාන වනවා.
එහි සුර්යකෝෂ තටු යුගළ දිගින් ආසන්න වශයෙන් අඩි 100ක් වන අතර එය ලිබර්ටි ප්‍රතිමාවේ පාදයේ සිට එහි කිරුළ දක්වා ඇති උසට සමානයි.
බ්‍රහස්පතිගේ විකිරණශීලි බවින් යානයේ පරිගණක පද්ධතියට සිදුවන හානි අවම කර ගැනීම සඳහා එය අඟල් 03ක ඝනකමින් යුත් ඇලුමිනියම් සහ සින්ක් මිශ්‍ර තහඩු මගින් නිපදවු කුටියක් තුළ බහා තිබෙනවා.
යානයට පෘථිවියේ සිට යුරෝපා චන්ද්‍රයා දක්වා ගමන් කිරීමට වසර 5ක් සහ මාස 6ක කාලයක් ගතවන අතර එය සැතපුම් බිලියන 1.8ක දුරක්.