ජා ඇල, ඒකල ප්රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (14දා) සවස ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර කෑමෙන් බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, ඒ කල, ගම්පහ පාරේ අංක 78/ B ලිපිනයේ පදිංචිව සිටි අමරසිංහ ආරච්චිගේ නුවන් කුමාර (අවු.45) නමැත්තෙකි.
ප්රදේශයට බලපවත්වන මහවැසි නිසා පීඩාවට පත්වූවන්ට පිසූ ආහාර මෙන්ම වියළි ආහාර බෙදමින් විශාල පිරිසක් ඒකල තොග වෙළෙඳසැලක් අසල රැස්ව සිටි අතර, මේ අවස්ථාවේ දෙපිරිසක් අතර ඇති වූ කතා බහක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනා ගෙන ඇතත් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධියට සැකකරන පුද්ගලයා මේ වන විට ප්රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.