හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අසනීප තත්වයක් මත අධිකරණය හමුවේ විභාගයට නඩුවකට පෙනී සිට නැහැ.
අදාල නීති කෘත්‍ය ක්‍රියාත්මක වන්නේ ඔහු පසුගිය රජයක වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රාජකාරී කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට සතොස සේවකයන් තිස් නව දෙනෙකු යොදා ගැනීම සම්බන්ධයෙන්.
කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥයා විත්තිකරුගේ රෝගී තත්ත්වයෙන් දැක්වෙන වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළා.