ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් සතු වූ පිස්තෝල දෙකක් යුරෝ මිලියන 1.69කට වෙන්දේසි වී තිබෙනවා.
වරක් ඔහු මෙම පිස්තෝල යොදාගෙන සියදිවි නසා ගැනීමට තැත් කළ බව ද සඳහන්.
මෙම ගිනි අවි පැරිස් නගරයේ ජීවත් වූ ලුයිස්-මාරින් ගොසේ විසින් නිමවා තිබූ අතර ඒ සඳහා යුරෝ මිලියන 1.2ත් 1.5ත් අතර ලංසුවක් හිමිවෙතැයි අපේක්ෂා කෙරුණා.
මෙම පිස්තෝල වෙන්දේසි කර ඇත්තේ ප්‍රංශ සංස්කෘතික අමාත්‍යංශය විසින් ඒවා ජාතික වස්තූන් ලෙස නම්කර ඒවා අපනයනය තහනම් කිරීමේ පසුබිමකදීය.
ඒ අනුව නව හිමිකරුගෙන් එම පිස්තෝල මිලදී ගැනීම සඳහා ප්‍රංශ රජයට මාස 30ක කාලයක් හිමිවනවා.