ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරඟාවලියේ පළමු සතිය නිමාවන විට එනම් මූලික තරග 10ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් වී තිබෙනාව. මේ දක්වා තරඟ 04කට ක්‍රීඩා කර ඇති ඔවුන් ඉන් තරග 03ක් ජයගෙන ලකුණු 06ක් ලබාගෙන තිබෙනවා.
ගාල්ල මාවල්ස් කණ්ඩායමද මේ දක්වා තරඟ 04කට සහභාගී වී ඉන් තරග 03ක් ජයගෙන ලකුණු 06ක් ලබා සිටින නමුත් රඳවාගෙන ඇති ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබෙනවා.
කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරග 04කදී තරග 02ක් ජයගෙන ලකුණු 04කට හිමිකම් කියන අතර දඹුල්ල සික්ස්ර්ස් සහ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම් තරග 04කදී ජයගැනීමට සමත්ව ඇත්තේ එක් තරගය බැගින් පමණයි. ඒ අනුව ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 02ක්.
තරගාවලියේ මූලික වටයේ තවත් 10ක් ඉතිරිව ඇති අතර එහිදී සෑම කණ්ඩායමක්ම තවත් තරග 04ක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉන් තරග 04ක් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ද සෙසු තරග ආර් ප්‍රේමදාස කීඩාංගණයේදී ද පැවැත්වෙනවා.
මූලික වටයේ තරග එළැඹෙන 16 වැනිදා නිමාවට පත් වන අතර 18 වැනිදා පළමු අවසන් පූර්ව තරගය සහ පිළිමළුන් පිටු දැකීමේ තරගයද 20 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයද පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 21 වැනිදායි.