ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට තරග මුදලින් සියයට 25ක දඩයක් සහ බිනුරට තරග මුදලින් සියයට 20ක දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා. අමෙරිකානු ඩොලර් 3600ක් වූ එම දඩ මුදලේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම ලක්ෂ 11කට ආසන්නයි.
ඇඳුම් පැළදුම් හා ක්‍රීඩා උපකරණ රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ මෙම දඩය නියම කෙරුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායම්වල ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ මෙවර දැඩි අවධානයක් යොමු කිරීමට LPL තරග සංවිධායකයින් කටයුතු කරනවා.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අයත් නොවන හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක වනිඳු හසරංගට, කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුටද එම නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම දඩ නියම කර තිබෙනවා.
ජුලි 2 වැනිදා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු විනිසුරු උපෙදස්වලට අවනත නොවීම හේතුවෙන්ද මෙම දඩය පනවා තිබෙනවා.
එමෙන්ම තරග පැවැත්වෙන දිනවලදී තරග අවසන් වනතුරු ක්‍රීඩාංගණය තුළදී ක්‍රීඩකයින්ට සෙරෙප්පු පැළඳීමද LPL තරග සංවිධායකයින් තහනම් කර තිබෙනවා.