ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක දක්ෂ වුණත් තනියම මේ රට හදන්න බැරි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (19) මහරගම පැවැති ජනහමුවක් අමතමින්.
එහිදී ඇය කියා සිටියේ වසර 75 කම මෙරට ආණ්ඩු බලය ලබා සිටි කිසිවෙකුත් ජාතික ජනබලවේගයට බලය ලැබේයැයි කිසිදිනක නොසිතු බවත් ජනතාව ඒ බලය තම පිරිසට ලබා දුන් බවයි.
කෙසේවෙතත් ජාතික ජනබලවේගය දේශපාලන පක්ෂයක් නොව ජනතාවගේ ව්‍යාපාරයක් බව ඇය අවධාරණය කර සිටියා.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායකට පමණක් මේ රට හදන්න තනිවම අමාරු බවත් එයට අවශ්‍ය හොඳ කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තු යෑවීමට කටයුතු කිරීම ජනතාවගේ වගකිම බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.
එමෙන්ම ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් මෙන්ම ප්‍රගතිශිලි පාර්ලිමේන්තුවක් මේ වැටිලා තියෙන රට ගොඩ ගන්න අවශ්‍ය බව ඇය කියා සිටියා.
තවද පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි පැවසුව ද මේ වන විට බාගෙට බාගයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ස්වේච්ඡාවෙන් ඉවත්ව සිටින බව ඇය මෙහිදී අනාවරණ කර සිටියා.
එහෙයින් ජනතාවට මේ වන විට අවස්ථාව උදාවෙලා තියෙනවා ගුණාත්මක වෙනසක් රට වෙනස් කරන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්න එය නිවැරදිව භාවිතා කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය වැඩිදුරටත් කියා සිටියා.