නුවරඑලියේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයක ඊයේ පැවැත්විමට සුදානම් කර තිබූ සාදයකට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ සිටි තරුණයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, සාදයට ඇතුලු වීමට පෙර සිදු කළ පරීක්ෂා කිරීම් වලදී අයිස් මත්ද්‍රව්‍ය, මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය අදාළ තරුණයින් සතුව තිබී සොයාගත් බවයි.
අවුරුදු 19ත් 35ත් අතර වයස්වල පසු වන තරුණයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය සඳහන් කළා.