මහනුවර කටුගස්තොට ප්රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හිටපු මන්ත්රීවරයාට අයත් කටුගස්තොට ප්රදේශයේ පිහිටි කාර්යාලයේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ.
මෙය ඝාතනයක් ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට, අලදෙණිය වැරැල්ලගම ප්රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලෙක්.
කටුගස්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.