එඩිතර සහ ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය හැක්කේ සර්ව ජන බලයට පමණක් බව එහි නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.
කුරුණෑගල පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
“සර්වජන බලය අපි දර්ශනයක් ඇතුව ගොඩනැගුනේ. අපිට ඕන වුණා අපෙන් ගිලිහී යන අපේ දේශ ප්‍රේමීත්වය රැකගන්න. අපි යන්නේ උපායමාර්ගික දේශපාලන ගමනක්. අපි මේ දේශපාලන ගමන නිර්භීතව, අභීතව යනවා. මේ මැතිවරණයේදී අපි ඉදිරිපත් වෙන්නේ අගමැති වෙන්න නෙමෙයි අපි එන්නේ එඩිතර විපක්ෂයක් හැටියට. හරි නම් හරි කියන, වැරදිනම් වැරදි කියන, වැරදි කිව්වාම ඒ වැඩේ නවත්වන්න පුළුවන් එඩිතර විපක්ෂයක් අපි හදනවා.
“අපේ පුතාණෝ ආයෙමත් මේ රටේ විපක්ෂනායක කරලා මේ රටේ වෙන්න පුළුවන් සන්තෑසිය මොකක්ද ? ගෑස් ටැංකිය කියන්නේ රවි කරුණානායකගේ පක්ෂය. එතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් කරන්න තමයි ඔක්කොම රට වටේ දුවන්නේ ඒ ඡන්දවලින්. මේ පදක්කම ජනතාවගේ ගෙලේ එල්ලන ජාතියේ විශ්වාසයේ පදක්කම.”