ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු එක්දින තරගය අතරතුර පිටිය තුළට කඩා වැදුණු ප්‍රේක්ෂකයෙක් පල්ලේකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 22ක තරුණයෙක්.
ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක්.
ඔහු එම අවස්ථාවේදී බීමතින් සිට ඇති බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කර සිටියේ.
එමෙන්ම ක්‍රීඩා පිටියට ඇතුළු වූ එම පුද්ගලයා ඊයේ දිනයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමි කරගන් නිශාන් මධුෂ්ක අසලට පැමිණ ඔහුගේ දෙපා අල්ලා ඉවත්ව යෑමට සූදානම් වන අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහු ඉවත්කරනු ලැබුවා.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයා මේ වනවිට පල්ලේකැලේ පොලිසියේ රඳවා සිටින අතර ඔහු එළැබෙන සිකුරාදා තෙල්දෙණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.